ලංකා සම සමාජ පක්‍ෂය ජාතික ප‍්‍රශ්නය කරට ගත්තා වැඩියි.

ලංකා සම සමාජ පක්‍ෂය ජාතික ප‍්‍රශ්නය කරට ගත්තා වැඩියි.

ආචාර්ය බද්දේගම සමිත හිමි

ජාතික සංවිධායක – ලංකා සම සමාජ පක්‍ෂය

පූජ්‍ය බද්දේගම සමිත හිමි භික්‍ෂු සමාජය තුළ දැවැන්ත නමක් රැුන්දවූ මහ තෙර නමක් වන පූජ්‍ය ගනේගම සරණංකර හිමියන්ගේ දෙටු ශිෂ්‍යයාය. සමිත හිමියන්ගේ බුද්ධිමය හා සමාජ ආරම්භය සිදු වූයේ ගුරු හිමියන්ගේ මගපෙන්වීම මතය. භික්‍ෂූන් අතර දීප්තිමත් ශිෂ්‍යයකු වූ සමිත හිමියෝ කැලණිය විශ්ව විiාලයට තේරුණේ 1976 වසරේදීය. 1977 බලයට පත්වුණු ජේ.ආර්. ජයවර්ධන පාලනය විශ්ව විiාල ද ඇතුළුව සමස්ථ සමාජය මත මුදා හැරුණු බලවත් භීෂණයට එරෙහිව කැලණිය විශ්ව විiාලයෙන් ගොඩ නැගුණු චරිතය වූයේ බද්දේගම සමිත හිමියන්ය. ඒ නිසාම ජේ. ආර්. පාලනය උන් වහන්සේගේ ජීවිතය හැර අන් සියලූ දෑ උන් වහන්සේට අහිමි කළේය. භීෂණයට ඔරොත්තු දිය නොහැකිව රටින් පිටමං වූ උන් වහන්සේ යළි දිවයිනට පැමිණියේ එංගලන්තයේ  ඉගෙනීමෙන් අනතුරුව ආචාර්ය බද්දේගම සමිත හිමියන් ලෙසිනි. උන් වහන්සේ 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පළමු භික්‍ෂූන් වහන්සේ ලෙස ඉතිහාසයට එක්විය. ඉනික්බිතිව උන් වහන්සේ ලංකා සම සමාජ පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා විය. සිය කළ්‍යාණ මිත‍්‍රයන්ගේ ඇරයුමින් කැනඩාවට වැඩම කළ උන්වහන්සේ හමුවූ විවිධ විරාම කාලවල දී කළ සම්මුඛ සාකච්ඡුාවකි මේ.

යාත‍්‍රා :    මහ තෙර නමක් වන ගනේගම සරණංකර හාමුදුරුවන්ගෙ ප‍්‍රධාන ශිෂ්‍යයා විදිහට ඔබ වහන්සේ වමේ දේශපාලනයට එන්නෙ කොහොමද…?

සමිත හිමි :            අපේ නායක හාමුදුරුවෝ ධර්ම විනය ගැන, ජාතික ආගම ගැන බොහොම තදින් හිටියා. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය ගැන තද උනන්දුවක් තිබුණා. ඒ හාමුදුරුවෝ මාව සමාජ සේවයට යොමු කළා. බද්දේගම පළාතේ කුල පීඩිතයන් ජීවත් වෙන ප‍්‍රදේශවල ජනයා සංවිධානය කරගෙන මංමාවත් ආදිය තැනීමට මාව යොමු කළා. කුලය, දුප්පත්කම ආදිය ගැන උන්වහන්සේ තුළ දේශපාලනික දැනුවත්කමක් තිබුණා. සතියේ දිනවල දරුවන්ට දානෙ ගේන්නවත් දෙන්නෙ නෑ. මොකද ඔවුන් පාසල පාඩු කරගයි කියලා හිතාගෙන. මේ විදිහට උන්වහන්සේ නිසාම මේ පළාතේ උගතුන් රාශියක් බිහිවුණා. මහාචාර්ය තිස්ස කාරියවසම් එසේ බිහි වූ එක උගතෙක්.

යාත‍්‍රා :    ඔබ වහන්සේ සමසමාජ දේශපාලනය තෝරා ගත්තේ ඇයි…?

සමිත හිමි :            අපේ සංස්කාතිය තුළම සමසමාජය තිබුණා. ඒ කියන්නෙ සමානාත්මතාව. අනික් අතට ලංකාව බිහිකරපු අසහාය බුද්ධිමතුන් සමූහයක් සමසමාජ පක්‍ෂයේ සිටියා. ඇන්. ඇම්. කොල්වින්, ලෙස්ලි වැනි. තරුණ ශිෂ්‍යයන් හැටියට නිරායාසයෙන්ම ඔවුන් කෙරේ ආකර්ෂණයක් අපට ඇති වුණා. ඔවුන් අපේ වීරයන්. වාසුදේවත් අපේ ගම් පළාතේ උපන් වීරයෙක්. මේ සියල්ල සමසමාජ දේශපාලනය තෝරා ගැනීමට මගපෙන්වීමක් වුණා.

යාත‍්‍රා :    ඔබ වහන්සේගේ ජීවිතයේ ප‍්‍රධානම කඩඉම විශ්ව විiාල ජීවිතයෙන් ඇරඹෙන්නේ…?

සමිත හිමි :            මම 1976 දී කැළණිය විශ්ව විiාලයට ඇතුළත් වුණා. එය එක්සත් ජාතික පක්‍ෂය බලයට එන්න සූදානම් වෙච්ච යුගයක්. සමගි පෙරමුණු රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය පිළිබඳ රටේ ගැටලූකාරී තත්ත්වයක් තිබුණා. ඒ හරහා බලයට පත්වුණු එක්සත් ජාතික පක්‍ෂ රජය ආරම්භයේ සිටම මර්ධනකාරී යන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කළේ. ඒ මර්ධනයට එරෙහිව නැඟී සිටීමත් සමගයි අපි වගේ අය මතුවන්නේ.

යාත‍්‍රා :    භික්‍ෂුව දේශපලානයට පැමිණීම පිළිබඳව සමාජයේ සංවාදයක් තියෙනවා. පාර්ලිමේන්තුවට පැමිණි පළමු සංඝයා වහන්සේ ලෙස ඒ කතිකාව ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද…?

සමිත හිමි :            භික්‍ෂුව දේශපාලනය කිරීම නොවෙයි වරද. භික්‍ෂුව අන්තවාදී වීමයි වරද. තමන්ගේ දායක ජනයාට සේවය කළ හැකි එක විදියක් තමයි දේශපාලනය. භික්‍ෂුවට සේවය සැලසීමේ දී පක්‍ෂ ඛේදයක්, ජාති බේදයක් තිබිය නොහැකියි. කවුරු කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මගෙන් උදව්වක් උපකාරයක් බලාපොරොත්තුව එන යම් කෙනෙක් වේද, මම නොපැකිලව ඒ උදව්ව කරනවා.

බෞද්ධ භික්‍ෂුවක් ලෙස මම අදේව වාදියෙක්. අනාත්ම වාදය පිළිගන්නා කෙනෙක්. මාක්ස්වාදයත් දේවවාදය ප‍්‍රතික්‍ෂේප කරනවා. එහෙයින් බෞද්ධ භික්‍ෂුවකට දේව වාදය ප‍්‍රතික්‍ෂේප කරන තැනකට ළඟාවීමට ලේසියි. දේපල පරිහරණයේ දී සාංඝික ක‍්‍රමයක් පිළිපදින අපට සමාජවාදී ආර්ථික ක‍්‍රමයක් පිළිගන්න අමාරුවක් නැහැ. මාක්ස්වාදයේදීත් බුදු සමයේදීත් මනුෂ්‍යා පිළිබඳව කෙරෙන නිර්වචනය එකයි. වාසෙඨ්‍ය සූත‍්‍රයේදී බුදු හිමියන් මනුෂ්‍යයා, අන් සියල්ලටම වඩා උතුම් බව ප‍්‍රකාශ කළා. ජීව විiාත්මකව සෑම මිනිසෙක්ම එක සමානයි. අන් සතුන් තුළ ඒ සමානත්වය නෑ. බුදුන් වහන්සේ සියල්ල අනිත්‍ය බව දේශනා කළා. ඒ අනිත්‍ය ඒ ආකාරයට සිදු නූනා නම් මිනිසා මෙතරම් දිගු ගමනක් එන්නේ නෑ. මාක්ස් වාදයේ කියන්නෙත් පැරණි දේවල් කැඞී බිඳෙමින් අලූත් දේවල් බිහිවන වගයි.

අනිත් කාරණය සමසමාජ පක්‍ෂයේ තිබුණු පරිත්‍යාගශීලිත්වය සමානත්වය

 

 

 

 

 

 

, කළ ඉගැන්වීම්. සමසමාජ නායකයො විශාල මිනිසුන් වගෙ පෙනුනට හරි සරල චාම් අපිස් මිනිස්සු. ඔවුන් සමාජය දිහා බැලූවෙ අතිෂය දයාන්විත විදිහට. ඒ ජාතික මට්ටමේ සමසමාජ නායකයන්ගෙ හැටි. අපේ ප‍්‍රදේශවල ජීවත්වුණු සිරිනාවතී ද සිල්වා වැනි සමසමාජ නායකයො සමාජය දිහා බැලූවෙ මහත්වූ පංති පේ‍්‍රමයකින්. ඉස්සර විශාල පොහොසතුන් වූ ඔවුන් පසු කාලීනව දුප්පතුන්ට සැලකීම නිසාම ඒ පොහොසත්කම් නැතිව ගියා. සිරිනාවතී සහෝදරිය විවාහ වූ දා වාහනවලින් පෙරහැරක් ගිහින් තියෙනවා. පෙරහැර පටන් ගත්ත වෙලාවෙ ඉඳන් විනාඩි 45කට පස්සෙ බලන කොටත් තවම රථ පෙරහැර පසුකරන්නෙ සිරිනාවතී පවුලේ ඉඩම්. හිතන්න කොච්චර පොහොසත් කමක් තිබුණු මිනිස්සුද කියලා.

අනෙක් කාරණය සමසමාජයට වෙනස් වෙන යුගයත් සමග වෙනස්වීමට හැකියාව ලැබුණා. වැඩවසම් ක‍්‍රමයක උපත ලැබූ සමසමාජ පක්‍ෂය ධනේෂ්වර යුගයකදී ඊට අනුරූපව උපක‍්‍රම වෙනස් කර ගත්තා.

යාත‍්‍රා :    ඔබ වහන්සේ ලංකාවේ අනාගතය උදෙසා සුදුසුම අර්ථක‍්‍රමය ලෙස දකින්නෙ කුමන ක‍්‍රමවේදයක්ද…?

සමිත හිමි :            සමූපාකාර ක‍්‍රමය මත පදනම් වූ සහජීවන ආර්ථික ක‍්‍රමයක් ගැන මගේ විශ්වාෂයක් තිබෙනවා. ඒ සඳහා කොල්ලකෑමෙන් තොර නිෂ්පාදන රටාවක් හා එමගින් වන ලාභය පොදුවේ බෙදීයාමක් සිදුවෙනවා.

යාත‍්‍රා :    ලංකාවේ භික්‍ෂුන් වහන්සේලා ජාතිවාදයට වැඩි නැඹුරුවක් ඇත යන ප‍්‍රවාදය ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද…?

සමිත හිමි :            එම ප‍්‍රවාදයේ ඇත්තක් නැත කියන්න අමාරුයි. භික්‍ෂුන් ජාතිවාදී වීම පමණක් නොව කුලය වැනි වෙනත් වර්ගවාදයනුත් ආරක්‍ෂා කරනවා. භික්‍ෂුන් වහන්සේලා මෙසේ වීමට හේතුව කුමක් ද යන කාරණය ගැන මගේම වූ විග‍්‍රහයක් තිබෙනවා. භික්‍ෂුන් වහන්සේලා ලෝකයට විවෘත වීමේ දී ගිහියන්ට වඩා හුඟක් පිටුපසින් සිටින්නේ. උගත් භික්‍ෂුන් උනත් උගත් ගිහියන්ට සාපේක්‍ෂව ඇතැම් කාරණාවල දී පිටුපසින් සිටින්නේ. ඒ සඳහා බලපාන ප‍්‍රධාන කාරණය තමයි භික්‍ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන රටාව යාවත්කාලින නොවීම. භාෂා ශාස්ත‍්‍ර හැදෑරීමේ දී අදටත් පිරිවෙන් අධ්‍යාපනයේ මුල් තැන ලැබෙන්නෙ පාළි සංස්කෘති වැනි ප‍්‍රාචීන භාෂාවන්ට. ඒවා බුද්ධාගම හැදෑරීමට ප‍්‍රමාණවත් උනත් තමා අවට ලෝකය හඳුනා ගැනීමට ප‍්‍රමාණවත් නැහැ. විශේෂයෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ අඩු දැනුම උගත් භික්‍ෂුන් වහන්සේලාටත් පොදු දෙයක්. වඩාත්ම ජාතිවාදී භික්‍ෂුන් වහන්සේලා ගතහොත් මා මේ කියන කාරණය සත්‍යයක් බව වැටහෙනවා ඇති. වල්පොල රාහුල, බඹරැුන්දේ සිරිසීවලී, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර වැනි නූතන හා ප‍්‍රාචීන භාෂා ඇතුලූ අනෙකුත් ශාස්ත‍්‍රයන් හැදෑරූ භික්‍ෂුන් වහන්සේලා ජාතිවාදී වුණේ නෑ. ඔවුන් සමසිතින් ප‍්‍රශ්න දිහා බැලූවා. අද භික්‍ෂුන් වහන්සේලා අතර පැතිර යන අන්තවාදී ජාතිවාදය උන් වහන්සේලාගෙන් රටට සිදු විය යුතු සේවය විශාල අඩපන කිරීමකට ලක් කරනවා.

යාත‍්‍රා :    ඔබ වහන්සේ ලංකා සම සමාජ පක්‍ෂයේ වර්තමාන ජාතික සංවිධායකවරයා. අද පවත්නා දේශපාලන වාතාවරණය තුළ සමසමාජ පක්‍ෂයේ භූමිකාව මැනවින් විස්තර කළ හැකි කෙනෙක් ඔබ.

සමිත හිමි :            ප‍්‍රමුඛතා හඳුනාගත් ආර්ථික සංවර්ධනයක් දැනට ලංකාව තුළ සිද්ධ වෙන බව අප පිළිගත යුතුයි. එම සංවර්ධනයේ දිසානනිය ජන යහපත උපරිම ලෙස සිදුවන ආකාරයට යොමු කිරීම අපටත් කොමියුනිස්ට් පක්‍ෂයටත් පැවරී ඇති එක වගකීමක්. එමෙන්ම වේගවත් සංවර්ධනයක දී සිදු විය හැකි ¥ෂිත තත්ත්වයන් අවම කිරීමේ මැදහත් වීමකුත් අපට ලබා දෙන්න පුළුවනි. සංවර්ධනයේ ප‍්‍රතිලාභ සාධාරණව දුගීන් හා ආන්තික තත්ත්වයන්හී වෙසෙන ජනයා වෙතත් ලැබෙන ලෙස දේශපාලනික මැදිහත්වීමක් කරන්නත් අපට පුලූවනි. එමෙන්ම පශ්චාත් යුදමය ලංකාවේ ස්ථිරසාර සාමයකට අවශ්‍ය පසුබිමක් ගොඩනැංවීම සඳහා අවශ්‍ය බලකිරීම වාමාංශික අප විසින් කළ යුතු දෙයක්. එය අප අතින් සිදුවෙනවා.

අප අපගේ ස්වර්ණමය ඉතිහාසයට සාපේක්‍ෂව පක්‍ෂයක් හැටියට දුර්වලයි. ඒ නිසා අප වැනි තවත් වමේ පක්‍ෂ සමග එකතු වී අපගේ ශක්තිය ගොඩ නගා ගත යුතුයි. දැනටමත් කොමියුනිස්ට් පක්‍ෂය, වාසුදේව සහෝදරයාගේ පක්‍ෂය හා දේෂ විමුක්ති ජාතික පක්‍ෂය සමග වාමාංශික එක්සත් පෙරමුණක් ලෙස අපි එකට වැඩ කරනවා.

යාත‍්‍රා :    මාක්ස්වාදී ව්‍යාපාරයේ ශාස්ත‍්‍රිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධාරාව වූ ට්‍රොට්ස්කිවාදය නියෝජනය කළ ලෝකයේ ලොකුම දේශපාලන පක්‍ෂය ලෙස සම සමාජ පක්‍ෂය ඉතිහාසයට එකතු වුණා. අදත් ට්‍රොට්ස්තිවාදය පිළිබඳ සංවාදයක් පක්‍ෂය තුළ තිබෙනවාද…?

සමිත හිමි :            එහෙම දෙයක් ඇත්තේම නැති තරම්.

යාත‍්‍රා :    සම සමාජ පක්‍ෂයට ඓතිහාසිකව වැරදුනු තැන් ලෙස ඔබ හඳුනාගන්නේ කවර තැන්ද…?

සමිත හිමි :            දෙමළ ජනතාවගේ අයිතීන් ගැන සමසමාජ පක්‍ෂය දෙමළ දේශපාලන පක්‍ෂවලටත් වඩා කර ගැසූ නිසා අප සිංහල ජනතාව අතර කොන්වුණා. ඒ නිසා බලය ලබා ගැනීමට තිබුණු අවස්ථා අපෙන් ගිලිහී ගියා. ඒ නිසා වඩා සමබර තත්ත්වයකින් අප  කි‍්‍රයාකළා නම් අපගේ වර්තමානය මීට වඩා දීප්තිමත් වීමට ඉඩ තිබුණා. 1956 ජනතා ජයග‍්‍රහණයට මග පෑ¥ සඟ වෙද ගුරු පංච මහා බලවේගය මුලින්ම බලයට පත්කිරීමට උත්සාහ කළේ බණ්ඩාරනායක නොව එන්. ඇම්. පෙරේරායි. එහෙත් එන්. එම්. ඔවුන්ගේ ජාතිකවාදී වැඩ පිළිවෙල ප‍්‍රතිසංස්කරණය කළ යුතුයයි යෝජනා කළා. එයට අකමැති වූ එම බලවේගය බණ්ඩාරනායක වටා රොක් වුණා.

යාත‍්‍රා :    සටන්කාමී අතීතයක්, දැන උගත්කමක් හා සමාජ බලයක් ඇති ඔබ වහන්සේටවත් සම සමාජ පක්‍ෂය නැවත ගොඩනැගීමේ අලූත් වැඩ පිළිවෙලක් තියෙනවාද…?

සමිත හිමි :            මා අලූත් වැඩවලට අත ගහන්න පෙරාතුව අපේ පක්‍ෂයේ අකර්මන්‍යව සිටින පැරණි පාක්‍ෂිකයන් අවධි කරගන්න වෙර දරනවා. බිඳ වැටී ඇති වෘත්තීය සමිති ක්‍ෂෙත‍්‍රය පුනර්ජීවනයකට ලක් කළ යුතුයි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සඳහා තව තවත් ළංවෙන්න උත්සාහ කරනවා. රටේ ගොඩනැගී තිබෙන තරුණ සංවිධාන හා සහයෝගීව වැඩ කරන්න උත්සාහ කරනවා.

යාත‍්‍රා :    අවසන් ප‍්‍රශ්නය මෙයයි. ශ‍්‍රී ලංකාවේ විශ්ව විiාල ප‍්‍රජාව විසින් බිහි කළ දැවැන්ත සටන්කාමියකු ද, මහතෙර නමකගේ විනය හා ශික්‍ෂාවන් විසින් හික්මවුනු  බෞද්ධ භික්‍ෂුවක් ද, පෙර අපර දැනුමෙන් සන්නද්ධ විiාර්ථයකු ද, ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු බෞද්ධ භික්‍ෂුව ද, වත්මනෙහි ලංකා සමසමාජ පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා ද වන ඔබ වහන්සේට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පිළිබඳ ඇත්තේ කවර ආකල්පයක්ද…?

සමිත හිමි :            ධනාත්මක ආකල්පයක්.

සාකච්ඡුා කළේ : චන්ද්‍රරත්න බණ්ඩාර