යුද්ධය නිමාවිය

තිස් අවුැද්දක් දිගේලි වෙමින්ද, සියලූ ජන වර්ගයන්ට විපත් ගෙන දෙමින්ද, ශිෂ්ටාචාර සියලූ සම්ප‍්‍රදායන් විනාශ මුඛයට ගෙනයමින්ද පැවති ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධය නිශ්චිතවම හමාර වී තිබේ. එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුලූ සියලූම එල්.ටී.ටී.ඊ. නායකයන් මරුමුවට ඇදහෙලමින් නිමාවූ යුද්ධයේ සකලවිධ ගෞරවයන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට හා එතුමාගේ ආරක්‍ෂක ලේකම්වරයාට, හමුදාපති වරුන්ට හා සේනාංක වලට ලැබිය යුතුය.
ලංකාවේ යුද්ධය ජයග‍්‍රහණයෙන් නිමාකළ මහින්ද රාජපක්‍ෂ පාලන සමය ආර්ථික වශයෙන් විවිධ අමාරුකම් මැද්දේ ගෙවී යන්නක් බව අපි දනිමු. එහෙත් ජේ. ආර්. ජයවර්ධන පාලනයේ සිට රනිල් වික‍්‍රමසිංහ දක්වා වූ පාලන සමයන්ට මේ යුද්ධය ජයගත නොහැකි වී රාජපක්‍ෂ මහතාට මේ යුද්ධය ජයගත හැකි වූයේ ඇයි? ඒ සඳහා දිය හැකි එකම උත්තරය ”අධිෂ්ඨානය” හා ” ඕනෑකම” යයි කිව හැකිය.
යුද්ධය ශී‍්‍ර ලංකාවේ ඊට පෙර පැවති සමාජ දේශපාලනික රටාව මුලූමනින්ම අනෙක් පස හැරවීය. තල්වැටට මායිම් වූ යාපනේ දෙමළ ගෘහය තුළ එකළ බොහෝ සාරධර්ම නිදන් වී තිබිණ. යුද්ධයේ විපාක ලෙස සම්ප‍්‍රදායික තල්වැට පමණක් නොව ගෘහයද අහිමි වී වාසස්ථාන වූයේ අනාථ කඳවුරුය. ආගම ජාතිය හා කුලය මත පදනම්ව අභිමානයෙන් ජීවත් වීමට පි‍්‍රය කළ යාපනේ වැසියාට හිඟමනට වැටීමට සිදුවිය.
දකුණේ වැසියාට සිදුවූයේ ද එයමය. යුද්ධය විසින් අමුතු දේශපාලකයෙක් නිර්මාණය කෙරිණි. ආරක්‍ෂක භටයන් පිරිවරාගත් දේශපාලකයා ඔවුන් සමඟ එකතුව දහසක් නොපනත් කම්වලට පෙළඹිණි. ආරක්‍ෂක හමුදාවන්ගේ සංයුතිය වැඩි විය. යුද වියදම් ජනයාගේ එදිනෙදා ජීවිතයේ බරක් බවට පත්විය. සෑම වැදගත් ව්‍යාපෘතියකටම කරන වියදමෙන් කොටසක් ආරක්‍ෂක වියදම් සඳහා වෙන්කළ යුතු විය. කොටින්ම හැම ආණ්ඩුවකටම යුද්ධය හිඟන්නාගේ පාත‍්‍රයක්ම විය.
ඒ සා මහානුභාව සම්පන්න යුද්ධය දැන් නිමාවී තිබේ. ඒ යුද්ධයේ නිමාව හැම ශී‍්‍ර ලාංකික ජීවිතයක්ම සසල කළ අත්දැකීමක් වීම නොවැලක් විය හැකිය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ලොව අංක එකේ මිලිටරි බෙදුම්වාදි සංවිධානයක් බවට පසුගිය අවුරුදු තිහේදී වර්ධනය වූ ආකාරය යුද සංවේදී ඕනෑම අයෙකුට අවබෝධයක් ඇත. යුද විරාමයන් හා දකුණේ දේශපාලන බල ගැටුම් පමණක් නොව පේ‍්‍රමදාස ජනාධිපතිවරයා වැනි අය ඍජුව ලබා දුන් අවි ආයුධත් හේතු වුයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වර්ධනයටමය. එය එක්තරා ආකාරයකට ප‍්‍රාතිහාර්යාත්මක වර්ධනයකි. මේ වර්ධනය විසින් එල්.ටී.ටී.ඊ. ය යුදමය පරාජයකට ලක් කළ නොහැකි බව සාමාන්‍ය විශ්වාෂයක් බවට පත් විය.
මහින්ද රාජපක්‍ෂ රජය බිඳ දැම්මේ එම ව්‍යාජ විශ්වාසයයි. එය ඇදහිය නොහැකි ප‍්‍රාතිහාර්යයක් වන්නේය.
ලංකාවේ දෙමළ කථා කරන ජනයා අභියස නොවිසඳුණු ජාතික ප‍්‍රශ්නයක් ඇති බව සැබෑය. ඒ ගැටලූ විසඳා ගැනීමට බල හවුල්කාරිත්වයකට තමන්ද සම්බන්ධ කර ගන්නා ලෙස නිදහසින් පසු එළඹි සෑම රජයකින්ම පාහේ දෙමළ දේශපාලන පක්‍ෂ ඉල්ලීම් කරන ලදී. එහෙත් ඒ පිළිබඳ යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණේය. එහෙයින්ම දෙමළ දේශපාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය අභිබවා සටන්කාමී සංවිධාන ඉදිරියට පැමිණියේය.
ඒ සංවිධාන ක‍්‍රමයෙන් එකිනෙකා මරා ගන්නා පිළිවෙතකට යොමු වූ අතර අවසානයේ මිනී මැරීමට වඩා දක්ෂ සංවිධානය වූ එල්.ටී.ටී.ඊ. ය පමණක් දෙමළ දේශපාලනය තුළ ඉතිරි විය. මරා දැමීම ඔවුන්ගේ භාෂාව වී සියලූ ප‍්‍රජාතාන්ත‍්‍රික හරයන් සියල්ල දෙමළ දේශපාලනයෙන් අතු ගා දැමීමට එල්.ටී.ටී.ඊ. ය කටයුතු කළේය. යුද්ධයේ දකුණු පාර්ශවයේ නිර්මාතෘවූ ජේ. ආර්. ජයවර්ධන සිට මහින්ද රාජපක්‍ෂ දක්වා සියලූම පාලකයන් එල්.ටී.ටී.ඊ. ය සමඟ සාකච්ඡුා කරමින් වෙනම රාජ්‍යයකට මෙපිටින් වන විසඳුමකට උත්සාහ දැරුවේය. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හා එහි නායක ප‍්‍රභාකරන්ගේ වූ තමන් කෙරේ වන අධි තක්සේරුව නිසා ඔවුන් වෙනම රාජ්‍යයකින් මෙපිට කිසිඳු එකඟතාවයකට පැමිණීම වංක ලෙසත් මෝඩ ලෙසත් මඟ හැරියේය.
එහෙත් ඊලාම් යුද්ධ තුනකින් ජයග‍්‍රාහි තත්ත්වයට පත් එල්.ටී.ටී.ඊ. සංවිධානය හතරවන ඊලාම් යුද්ධයට එළඹියේත් එය ජය ගත හැකිය යන උදාරම් මනසකිනි. එහෙත් සරත් පොන්සේකා නැමති හමුදා නායකයාගේ සාර්ථක මෙහෙයවීමත්, ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාගේ සංවිධානයත් තුළ එල්.ටී.ටී.ඊ. යට වැඩ වැරදුනි. හතරවන ඊළාම් යුද්ධය නිමා වූයේ එල්.ටී.ටී.ඊ. යට කුකුලාත් කූඩුවත් බිත්තරයත් අහිමි කරමිනි.
අද එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් හඬක් නැගෙන්නේ යුද්ධය නිසා ජාත්‍යන්තරයට ගිය දෙමළ ඩයස පෝරාවෙන් පමණි. එල්.ටී.ටී.ඊ. ය විසින් නඩත්තු කරන ලද ජාත්‍යන්තර ව්‍යාපාර ජාලය දෙමළ ඩයස පෝරාව නඩත්තු කරන බව නොරහසකි. එහෙත් හිසක් නැති කඳකට තවත් කොතරම් නම් කලක් හඬ නැගිය හැකිද?
දෙමළ ජනයා තුළින් මතුව ඇති ප‍්‍රචංඩකාරිත්වය අද බටහිර රටවලට බරපතල හිසරදයක්ව පවතී. එය මර්ධනය කරන්නේ කෙසේද යන්න මෙවැනි තකතීරු කි‍්‍රයාවන් පිළිබඳ අත්දැකීම් නොමැති කැනඩාව වැනි රජයයන් උභතෝකෝටිකයකට මැදිව ඇත. ජාත්‍යන්තරය දෙමළ ජනයා කෙරේ යම් අනුකම්පාවක් වී නම් එය පවා විනාශ කර ගන්නා ආකාරයට දෙමළ ජනයාගේ ප‍්‍රචංඩත්වය මුහුකුරා ගොස් තිබේ.
ටොරෝන්ටෝ මහා විහාරයට කළ ගිනිතැබීමත් ලංකා ගාඞ්න් අවන්හලට කළ ගිනි තැබීමක් විසින් මධ්‍යස්ථ සිංහලයන් පවා දුර්මුඛ වන තැනකට කරුණු සිද්ධ වෙමින් පවතී. දැනට නැග එමින් පවත්නා සිංහල දෙමළ විරසකය දෙමළ ප‍්‍රචංඩත්වයේ ප‍්‍රකාශනයක් වන අතර තමන්ගේ මිනිසුන් පාලනය කර ගැනීමට දෙමළ ප‍්‍රජාවේ නායකයන් කි‍්‍රයා නොකළහොත් එය අනාගතයේ බරපතල තත්ත්වයකට හේතු විය හැකිය.
අවසාන වශයෙන් කිව හැක්කේ සිංහල නායකයන් සියලූ දෙනාම පාහේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දිගුකළ සාමයේ දෑත් නොසලකා හැරීමේ වන්දිය එල්.ටී.ටී.ඊ. නායකත්වයට පමණක් නොව ඔවුන්ගේ දරු පවුල්වලටද ගෙවන්නට සිදුව ඇති වගයි.
ආර්ථික වශයෙන් බෙහෙවින් දුර්වලව ඇති රාජ්‍යයක් එල්.ටී.ටී.ඊ. ය වැනි ලොව අංක එකේ ත‍්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමෙන් ලෝකය හමුවේ එක් සත්‍යයක් නිරූපනය වේ. යුද තාක්‍ෂණයේ හා යුද විද්‍යාවේ සකල විධ ජයග‍්‍රහණයත් වැඩියෙන් අත්කර ගත හැක්කේ රජයන්ට පමණකි. එහෙයින් රජයක් සමඟ ආයුධ සන්නද්ධව ගැටීම නියත වශයෙන්ම පරාජයට හේතුවනු ඇත. එහෙයින් අනාගතයේ අයිතීන් අහිමි වුවන්ට අයිතීන් දිනා ගැනීමේ මාර්ගය විය හැක්කේ අවිහිංසාවාදී මාර්ගයම පමණකි. ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදීත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය මෑතකදීත් සනාථ කළේ එම ලෝක යථාර්තයයි.
සංස්කාරක