බිල් ත‍්‍රස්තවාදය

ඕනෑම කෙනෙක් සිය මව්බිම අතහැර දමා කැනඩාවට ඇමරිකාවට පමණක් නොව ලෝකයේ වෙනත් ඕනෑම රටකට පදිංචිය සඳහා යන්නේ සිය ජීවන තත්ත්වයන් යහපත් කර ගැනීම් පරමාර්ථයෙනි. ලංකාවේ දී සිහිනෙන්වත් නොසිතන රැුකියාවන් කරමින් පැය 12, 15 ආදී වශයෙන් වැඩ කරන්නේ තමන්ගේ, තම ¥ දරුවන්ගේ හා ලංකාවේ ජීවත්වන නෑසියන්ගේ කටයුතු සඳහා වැඩිමනත් මුදලක් හරි හම්බ කර ගැනීමටය. බොහෝ ශ‍්‍රී ලාංකිකයෝ රැුකියාමය වශයෙන් මහත් කනස්සල්ලකින් පසුවෙන අතර තමන් ශ‍්‍රී ලංකාවේ දී පැතූ ප‍්‍රීතිප‍්‍රමෝදය නැති බව වැටහීමට ඔවුනට වැඩි කලක් නොයයි.
කැනඩාවේ දී අප වැනි සංක‍්‍රමණිකයන්ගේ කනස්සල්ල නිර්මාණය කරන ප‍්‍රධාන ආයතන ගණනාවක් පවතී. ටෙලිපෝන් කොම්පැණි, විදුලිය, බල ශක්ති කොම්පැණි ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. මේ සියලූ කොම්පැණි සංක‍්‍රමණිකයන් සතු නොදැනුවත්කම උපයෝගී කරගෙන රැුවටිලිකාර කූට උපක‍්‍රම ඔවුන් මත මුදා හරිති.
මාස තුන හය ආදී වශයෙන් ලැබෙන හා ගන්නා ඇමතුම් ගාස්තු නොමැති දුරකථන එවන් එක් රැුවටිල්ලකි. එවැනි රැුවටිලි සමග ගෙල සිර කර තබන ගිවිසුම් වලට එළඹීමට

දුරකථන ග‍්‍රාහකයාට සිදුවේ. අප නොව සුදු ජාතිකයෙකුවත් එම ගිවිසුම්වල ඇති කූඹී අකුරු කියවා තේරුම් ගනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් අප නොකියවන ඒ ගිවිසුම් අකුරු අතර සැඟවී ඇති විසකුරු වගන්ති බොහොමයකි.
එහෙයින් වාහනයට නිවසට රක්‍ෂණයක් ගැනීමේ දී , ගෘහස්ත දුරකථන කොම්පැණි සමග ගනුදෙනුවල දී, අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ දී, රූපවාහිනී සම්බන්ධතා ලබාගැනීමේ දී, විදුලිය හා බලශක්ති සේවාවන් ලබා ගැනීමේ දී අප බෙහෙවින් පරෙස්සම් විය යුතුය. බොහෝ විට ජංගම දුරකථන සඳහා වසර දෙක තුන වශයෙන් ගිවිසුම් එළඹීමේ හිලව්වට මාස තුනක හෝ හයක දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම සලසයි. එහෙත් කොම්පැණිකරුවෝ ඉතා සූක්‍ෂම ලෙස ඒ නොමිලේ දුන් මාස ගණනටත් එක්කම මුදල් අය කර ගනිති.
අප හඳුනන මිත‍්‍රයෙකු අප දැනුවත්වම ගෘහස්ත දුරකථනයට කේබල් රූපවාහිනී සේවාවට හා අන්තර්ජාල පහසුකමට මාසිකව / 92/-ක පැකේජයකට එකඟ වී ඒ පහසුකම් ලබා ගත්තේය. එහෙත් කවදාවත් ඔහුට එකඟ වූ මුදලට අවශ්‍ය සේවා නොලැබුණි. ගිය මස ඔහුට එම කොම්පැණියෙන් ලැබුණු බිල / 342/- කි. එහෙත් ඒ ගැන විමසා සිටීමේ දී චිත‍්‍රපට බලන චැනල ලබා ගත් බවත් ඒ සඳහා රූපවාහිනී ගාස්තු වැඩි වී ඇති බවත්, පිටරට ඇමතුම් ලබාගැනීම නිසා දුරකථන ගාස්තු වැඩි වී ඇති බවත් උත්තර වශයෙන් ලැබුණි. ඒත් ඔහු එකඟවුණේ / 92/- ක පැකේජයට අදාල රූපවාහිනී චැනල සංඛ්‍යාවට පමණි. මෙතරම් මිල වැඩිවූයේ මන්දැයි විමසීමේදීය ඔහු දැන ගත්තේ චිත‍්‍රපට බලන චැනල ද ඇතුලත් කර ඇති වග. එහෙත් ඔහු ඒ මොහොතේම දුරකථන හා අන්තර්ජාල සබඳතා විසන්ධි කරන ලෙස දන්වා සිටි අතර රූපාවාහිනි සබඳතා එසේ විසන්ධි කළ නොහැක්කේ / 92 පැකේජයට රැුවටී අවුරුදු දෙකක ගිවිසුමකට එළඹ තිබුණු නිසාය.
තමන්ට ලැබෙන අසාධාරණ බිල්පත් ගැන මුහුණට මුහුණ හමු වී කතා කරන්නට අවශ්‍ය ස්ථාන කොතනකවත් පිහිටුවා නැත. සුපිරි වෙළඳසල්වල පිහිටුවා ඇති නියෝජිත ආයතන වෙත ප‍්‍රශ්නය ගෙන ගියහොත් ඔවුන් කරන්නේ 1-800 දුරකථන නොම්මරයක් දී කථා කරන ලෙස දැනුම් දීමයි.
ඔබ හරිහම්බ කරන සෑම සතයකම බර පතල වටිනාකමක් සහිතය. එහෙයින් ලැබෙන බිල්පත්වල වරදක් තිබේ නම් වහාම ඒ පිළිබඳ අදාළ කොම්පැණියට කථා කොට ඒ බව දැනුම් දීම කළ යුතුය. ඔවුන් හා වාද විවාද කිරීමට තරම් ඔබගේ ඉංග‍්‍රීසි දැනුම ප‍්‍රමාණවත් නොවේ නම් ,ඔබ කළ යුත්තේ චතුර ලෙස ඉංග‍්‍රීසි කථා කළ හැකි මිතුරෙකු යොදවා ඒ පිළිබඳව නිවරැුදි කර ගැනීමය. කොම්පැණිකරුවන් විසින් හිතාමතා වරද්දා එවන බිල්පත්වලට ඒ හාම විරුද්ධ වීමෙන් ඔවුන් නිවරැුදිව බිල් සැකසීමට වග බලා ගනී. එසේ නොවී එවන බිල්පතක් වැරදි ඇතැත් ගෙවා දමන ගනුදෙනු කරුවනට ඔවුන් හැමදාම කරනුයේ ඉදිරියටත් වරද්ද වරද්දා බිල් එවීමයි.
වාහන රක්‍ෂණය ද කැනඩාවේ ක‍්‍රියාත්මක තවත් කොල්ලකාරී ගනුදෙනු විශේෂයකි. වාහන එළවීමේ දී ඇති වන සුලූ අනතුරුවල දී පොලීසිය විසින් ලබාදෙන නිර්දේශයන් අබිබවා ගොස් රක්‍ෂණ සමාගම් තමන් විසින් කරන අසාධාරණ නිර්දේශ මත පිහිටා රක්‍ෂණ ගාස්තු වැඩි කරති. සමහර විට බොහෝ අඩු ආදායම්ලාභී පවුල්වල එක් සාමාජිකයෙක් ලබන දෙසති වැටුපට සමාන මුදලක් රක්‍ෂණ ගාස්තු වශයෙන් ගෙවිය යුතුව තිබේ. ඉතිරි දෙසති වැටුප අනෙකුත් බිල්වලට ගෙවූ විට මාසය ගෙවා ගැනීමට, ගෙයි උකසට, ළමුන්ගේ වියහියදම් දැරීමට සිදුවන්නේ පවුලේ අනෙක් උපයන්නාගේ වැටුපෙනි. මෙවන් සමාගම් විසින් මර උණ ගන්වන පවුලකට කැනඩාවට ආවේ අපේ කරුමයකට නොවේදැයි සිතීම පුදුමයට කරුණක් නොවේ.
මේ සියලූ විපත්තිවලින් යම් තරමකට ගැලවී සිටීමේ මාර්ග ද විවරව පවතී. දැනට ජංගම දුරකථන ක්‍ෂෙත‍්‍රයේ සාපේක්‍ෂව අඩු මාසික ගාස්තුවක් ද, එන – යන (ෂබ ජදපසබට-ධමඑ ටදසබට* ඇමතුම් නොමිලේ ලැබෙන දුරකථන ජාලා සහිත කොම්පැණි හතරක් දැනට ක‍්‍රියාත්මක වේ. ඒවා සමග ගිවිසුම් අත්සන් කිරීම ද අවශ්‍ය නොවේ. ගිවිසුම්ගත ජංගම දුරකථන ජාලයන්ගෙන් හැකි ඉක්මණින් ඉවත්වී ඒවා හා සම්බන්ධවීමෙන් හිසරද ගණනාවක් අතරින් එකකින් හෝ ඉවත්වීමට ඔබට මග පෑදෙනු ඇත.
ගෘහස්ත දුරකථන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධාන කොම්පැණි දෙකක් විසින් ආධිපත්‍ය හිමිකරගෙන තිබේ. එහෙත් අන්තර් ජාලය ආශ‍්‍රිතව ශාහස්ත දුරකථන සකසාගෙන ඒ සඳහා වියදම් ඉතිරි කර ගත හැකිය. / 05 හා / 10 ආදී වශයෙන් අඩු මාසික ගාස්තු ගෘහස්ත දුරකථන සඳහා පවතී.
එමෙන්ම ප‍්‍රධාන කොම්පැණි දෙකක විෂයයෙහි පැවති අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම ඒ තරම්ම කාර්යක්‍ෂමතාවයක් යටතේ ගිවිසුම් හා හදිසිබිල් නොමැති අලූත් කොම්පැණි දෙකක් යටතේ සිදුවේ. ඒවායේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ සොයාගෙන ඒවා හා සම්බන්ධ වෙමින් මුදල් ඉතිරිකර ගත හැකිය.
වාහන රක්‍ෂණයේදී ද දුරකථන ක්‍ෂේත‍්‍රයේ තරම් සහනදායී තත්ත්වයන් ඇති වී නැතත් රක්‍ෂණ සමාගම් විසින් තමන්ට යම් අසාධාරණයක් වෙතොත් වහාම වෙනත් රක්‍ෂණ සමාගමක් හා කතිකා කර රක්‍ෂණ ගාස්තු අඩුකර ගැනීමට උත්සාහ කළ යුතුය. එසේත් නොමැති වුවහොත් රක්‍ෂණ සමාගමට පිටපත් සහිතව ඔම්බූඞ්ස්මන්වරයාට සිය පැමිණිල්ල කළ හැකිය. අවශ්‍ය කෙනෙකුට ඊටත් එහාගොස් නීතිඥයකු මාර්ගයෙන් රක්‍ෂණ සමාගමට ලිපියක් යැවීය හැකිය.
බිල්පත් ගෙවීමේදී සිදුවන අසාධාරණයක් ගැන පැමිණිලි කිරීමට ආයතන බොහෝ ගණනක් පවතින බව අපගේ පාරිභෝගිකයෝ වැඩි හරියක් නොදනිති. ඔවුන් ඒවා පිළිබඳව සංවේදී වුවහොත් තමන්ට සිදුවන අසාධාරණයන් බොහොමයක් වළකා ගත හැකිය.
ඒ සඳහා ඇති ආයතන කිහිපයක විද්්‍යුත් හා තැපැල් ලිපිනයන් මෙසේය.
ක්‍්ී භ්එසදබ්ක ධෙසෙජැ
විiුත් ලිපිනය : Inof@consumer.ca
වෙබ් අඩවිය : www.crtc.gc.ca
ඔන්ටාරියෝ පාරිභෝගික සේවා අමාත්‍යාංශයේ තැපැල් ලිපිනය :

Ministy of Consumer Services
6th Floor – Mowat Block
900 – Bay Street
Toronto – on
M7A 1 L2

විiුත් ලිපිනය : Inofmcs@ontarlo.ca
ඔම්බූඞ්ස්මන්වරයා ඇමතීමට අවෂ්‍ය තොරතුරු අන්තර්ජාලයෙන් ලබා ගත හැකිය.
සංස්කාරක