දැයට කිරුල

”දැයට කිරුල” යනු වර්තමාන ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නිදහස් උත්සවයට සමගාමීව සිය සංවර්ධන ජයග‍්‍රහණයන් විදහා දක්වන ජාතික ප‍්‍රදර්ශනයයි. එම ප‍්‍රදර්ශනයේ දී ජාතික වශයෙන් වැදගත් සිදුවීමක් ගැන පුවත්පත්වලින් දැක ගන්නට අපට පුලූවන් විය. එනම් සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ග තුනට අමතරව ලංකාවේ සුලූ ජනවර්ගයන් නියෝජනය කරමින් ඒවායේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිතුමා පිරිවරාගෙන දැයට කිරුල ප‍්‍රදර්ශනය විවෘත කිරීමයි ඒ.
දෙමළ මුස්ලිම් ජනවර්ග දෙක ජනගහණය අතින් විශාල වීම හා ඔවුන්ට ඇති උගත්කම, ජන බලය හේතුකොට ගෙන පසුගිය සියවස මුලූල්ලේම ඔවුන්ගේ ගැටලූ ජාතික තලයේ සාකච්ඡුා වූ අතර ඇතැම් ගැටලූ නිරාකරණය කර ගැනීමටත් සමත් විය. එහෙත් අනෙකුත් ජනවර්ගයන්ගේ ජනගහණය ජාතික තලයේ හෙට්ටු කිරීමට ප‍්‍රමාණවත් නොවන හෙයින් ඔවුන්ගේ ගැටලූ, ගැටලූ වශයෙන්ම ඉතිරි විය.
ඔවුන් අතරිනුත් මැලේ, බර්ගර් වැනි සුලූතර ප‍්‍රජාවන් උගත්කමක් ලබාගත් අතර වෙළඳාම ආදි ක්‍ෂෙත‍්‍රවලින් ලැබූ උසස් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්නොවී සිටීමට හැකි විය. එහෙත් අනුරාධපුර තඹුත්තේගම ආදී පළාත් කේන්ද්‍ර කරගෙන ජීවත්වන අහිගුණ්ඨික ප‍්‍රජාවත්, දඹාන රතුගල යක්කුරේ ආදි ගම්මාන කේන්ද්‍ර කරගෙන ජීවත්වන වැදි ජන ප‍්‍රජාවත්, හණ ආශ‍්‍රීත කර්මාන්තයන්හි නියලෙමින් දුගී දුප්පත් ජීවිත ගත කරන කින්තර ප‍්‍රජාවත්, කුණ්ඩසාලේ මැණික්හින්න ආදි ප‍්‍රදේශ කේන්ද්‍රකරගෙන ජීවත්වන රොඞී ජනප‍්‍රජාවත් ඉන් කිහිපයකි. පෘතුගීසීන්ගෙන් පැවත එන ජනකොටස් කල්පිටිය හා මාතලේ වහකෝට්ටේ ද, දෙමළ බස කතා කරන එහෙත් ප‍්‍රධාන දෙමළ ජන ප‍්‍රජාවට ඇතුලූ කර නොගන්නා දෙමළ වැදි ප‍්‍රජාවන් හා වෙනත් සුලූ ජන ප‍්‍රවාහයන් ද මඩකලපුව ත‍්‍රිකුණාමලය ආශ‍්‍රිතව ජීවත් වේ. මේ ආකාරයට දැයට කිරුල ප‍්‍රදර්ශනයට සහභාගිවූ ජනවර්ග සංඛ්‍යාව 23කි.
මේ සුලූ ජනවර්ගවල ගැටලූ ජනවාර්ගික පීඩාව ගැන සටන් කරන ප‍්‍රධාන ජනවර්ගයන්ගේ ගැටලූවලටත් වඩා පීඩා කාරීය. එහෙත් මේ ජන වර්ගයන්ගේ ගැටලූවලට පිහිට වන්නට කෙනෙක් මෙතෙක් සිටියේ නැත. දැයට කිරුල තුළින් නොපෙන්වන්නට අවම වශයෙන් මෙවන් ජන ප‍්‍රජාවන් රටේ ජීවත්වන බවක් වත්් පොදු මහජනතාව දැන සිටියේ නැත. තමා පිරිවරාගෙන දැයට කිරුල ප‍්‍රදර්ශනය විවෘත කිරීමට යන සුලූ ජනවර්ග දැක ඉන් ප‍්‍රමුදිත ජනාධිපතිතුමා උත්සව සංවිධායකයන්ගෙන් අසා සිටියේ මේ උදවිය කොහෙන් හොයාගත්තා ද කියායි.
සුලූතර ජනවර්ගයන් අප රටේ නොවිඳුනා දුක් විඳී. උදාහරණයක් ලෙස වැදි ජන ප‍්‍රජාව ගනිමු. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉතාම පහළ ය. මරණ අනුපාතිකය, උත්පත්ති මරණ අනුපාතිකය, ඉතා ඉහළවන අතර මන්දපෝෂණය අනෙක් ජනවර්ගයන්ට සාපේක්‍ෂව ඉතා ඉහළ මට්ටමක පවතී. අහිගුණ්ඨික ජනප‍්‍රජාව හා කින්නර හා රොඞී ජනයා අතර ඇත්තේ ද එවන් දුක්ඛදායි සමාජ වාතාවරණයකි.
බි‍්‍රතාන්‍ය පාලන යුගය තුළදීත් නිදහසින් පසු යුගවලදීත් සිංහල දෙමළ මුස්ලිම් ජනප‍්‍රජාවන්ගේ ප‍්‍රශ්න ජාතික තලයේ සාකච්ඡුාවුවා මිස අනෙකුත් සුලූතර ජන වර්ගයන් ආරක්‍ෂා කිරීම ඔවුන් නඟා සිටීම හා ඔවුන්ගේ දිගු ඉතිහාසයට අයත් සංස්කෘතිය නඟා සිටුවීමට කිසිදු වෙහෙසක් දරා නොමැත. සිදුවූවා නම් සිදුවූයේ ඔවුන් ස්වකීය වෙහෙස මහන්සියෙන් රැුකගත් සිය ජීවන සම්ප‍්‍රදායන් විනාශ කර දැමීමයි.
අති උත්තෘෂ්ට නායක මෙහෙවරක් ලබාදෙමින් වැදි ජනතාව සිය සම්ප‍්‍රදායික ගමන් මගේ මෙහෙය වූ තිසාහාමිගේ විජිතයට සංවර්ධනය නාමයෙන් මැදිහත් වූ 1977 බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ රජය ඒ ජනප‍්‍රජාව දෙකට කඩා දමන ලදී. මහවැලිය යටතේ සුරපුරක් මවා පෑ එකල රජය දඹානේ තිසාහාමිගේ පාලනයට නතුව සිටි බහුතර වැදි ජනයා හෙනානිගලට කැඳවා ගෙන එන ලදී. එහි පැමිණි වැදි ජනයාගේ ඉරණම ගිරාඳුරු කෝට්ටේ නගරයට නුහුරු හෙනානිගල ජනපදයට ගොස් දැක බලා ගත හැකිය.
ජනවර්ගයන් බහුලව ජීවත්වීම රටක අලංකාරය වැඩි දියුණු කරයි. ඔවුන් සතු සංස්කෘතිය හා කලාවන් ජන ඇදහිලි ඒ සඳහා පාදකවේ. කැනඩාව වැනි දියුණු රටවල් ඒ සඳහා විශේෂ ප‍්‍රතිපාදන සකස් කොට තිබේ. ඉන්දියාව තම ව්‍යවස්ථාව මගින් සුලූතර ජනවර්ගයන්ගේ පමණක් නොව පීඩිත කුලයන්ගේ ද අයිතීන් තහවුරු කොට දී තිබේ. වැදි, කින්තර, රොඞී, අහිගුණ්ඨික ආදී ප‍්‍රජාවන් කිසිදාක තම අයිතීන් වෙනුවෙන් දේශපාලනයට නොඑන නිසාත්, ඒ සඳහා අවි ආයුධ අතට නොගත් නිසාත් ඔවුන් අගාධයට යාමට ඉඩ දී බලා සිටිය යුතුද…?
ලංකාවේ ප‍්‍රභූ බුද්ධිමතුන් කතා කිරීමට අකමැති වුවත් ප‍්‍රධාන කුල හතරට පිටස්තර සුලූ කුලවල ජනයාට ලංකාවේ සමාන ස්ථානයන් ලබා ගැනීමේ දුෂ්කරතාවයන් පවතී. ලංකාවේ සම්ප‍්‍රදායික නැටුම් කලාව විනාශ වී යන්නේ ඒවා අයත් කුලවලට ඇති පහළ සමාජ හංවඩුව නිසා නැටුම් පරම්පරාවන්හි දරුවෝ ඒ කලාවන් අත්හරින නිසා බව යාත‍්‍රා සමග සාකච්ඡුාවකට සම්බන්ධ වෙමින් ප‍්‍රවීන රංගධර රවිබන්දු විද්‍යාපති පැවසීය. ඇතමුන් පවසන්නේ කුලය ලංකාවේ නැතිවී යන සාධකයන් බව ය. එහෙත් ඇත්ත නම් පීඩිත කුලවල ජනයා තාමත් සිය පහළ කුල හංවඩුව නිසා සමාජයේ සමාන අවස්ථා අහිමිව සිටින බවයි.
ශ‍්‍රී ලංකාව භූමි සම්පතින්, පිහිටීම හා සරුසාර බව අතින් රුව ලස්සනින් අනූන රටකි. දියුණු රටවල් නම් එක රටක ජනවර්ග ගණනාවක් ජීවත්වීම සලකන්නේ රටකට ලැබුණු වාසනාවක් ලෙස ය. එහෙත් අපේ රට එසේ සලකන්නේ නැත. ජනවර්ගයන් හා කුලයන් සතු සම්ප‍්‍රදායික දක්‍ෂතාවන් නිසි කලමනාකරණයට හසුකර ගත හැකි නම් ලංකාව මීට වඩා රමණීය තැනක් වනු නිසැක ය. දැයට කිරුල වැටෙන්නේ එදාටය.
සංස්කාරක