ගෙවී ගිය සිංහල අවුරුද්ද

සිංහලයන් වන අපට සිංහල අවුරුද්ද වැදගත් වන්නා සේම, යාත‍්‍රාවේ අපටද සිංහල අවුරුදු දිනය අතිෂයින් වැදගත්ය. යාත‍්‍රා උපත සිදුවුනේ 2007 අවුරුදු දා නිසාය ඒ. යාත‍්‍රා දෙවන සංවත්සර කලාපය අවුරුදු දාට නිකුත් කරන්නට මහත්සේ උත්සාහ කළත් අකාරුණික අපහසුතා නිසා එය මඟ හැරී ගියේය. එහෙයින් සිංහල දෙමළ අලූත් අවුරුද්ද අපට සමරන්නට සිදුව තිබෙන්නේ එය ඉක්ම ගිය පසුය.
මීට අවුරුදු තිහකට හතළිහකට පෙර අවුරුද්ද ගත කළ හැටි අපට හොඳට මතක තිබේ. එයින් පසු අවුරුද්දෙන් අවුරුද්ද ක‍්‍රමයෙන් එහි සම්ප‍්‍රදායත් වියැකී යන අයුරු අපි බලා සිටියෙමු. අවුරුදු කොහා එරබුදු ගසේ සිට සිය මිහිරි හ`ඩින් සිය අවුරුදු ගායනා නොකඩවා ඉදිරිපත් කළ අයුරු අපට මතකය. අවුරුදු වටපිටාවේ කොහොට ද ප‍්‍රමුඛ තැනක් තිබිණ. අපේ අම්මලා සිය ¥ දරුවන්ට අවුරුද්ද හා කොහා අතර සම්බන්ධය, කොවුල් – කපුටු හබය ආදී කොහා වටා ගෙතුනු කථා අපට කීවේ අවුරුදු කාලයේය. තම තමන්ගේ කුඹුරුවල අස්වනු කපා පාගා ඒවා අටු කොටු පුරවාගෙන අවුරුද්දේ අලූත් සහලින් බතක් උයන්නට පුල පුලා සිටි අපේ දෙමව්පියන්ගේ සොඳුරු බලාපොරොත්තු අපට මතකය.
අම්බරුවන්ට දරුවන්ට මෙන් කථා කරමින කොලදිං කාලයේ ගොයම් පෑගූ අයුරු, දේව කාර්යක්ට සමානව බැතයට ගරු කරමින අස්වනු පෑගූ අයුර අපට මතකය.
ගමෙන් පට රැුකියාවලට ගිය උදවිය, ඉඩම් ලැබී ජනපදවලට ගිය ගොවියෝ කදමලූ බැඳගෙන ගමට විත මසක්පුරා ගමෙහ ගතකොට ගියේය. නව සඳ බැලීම සිට සියලූ චාරිත‍්‍ර වාරිත‍්‍ර මැනවින් ඉටුවිය. පරණ අවුරුදු දා ගෙදරින් බැඳ දෙන අවුලූපත රැුගෙන ගමෙ නෑදෑ හිත මිතුරන්ගේ ගෙවලට බෙදා දෙන විට ඒවායින් රතිඤ්ඤා නිලා කූරු පෙට්ටි ලැබේ. අලූත් අවුරුදුදා පාන්දර මිදුලේ වැලි කැට නොපෙනෙන තරමට බි ඇත්තේ පත්තු කරන ලද රතිඤ්ඤා වල සුන්බුන්ය.
වැඩිහිටියන්ට වැඳ පුදා ඔවුන් කථා කර ගැනීම, තරහ මරහ වූ ඥාතීන හා හිතවත් වීම අවුරුද්ද වටා ඇති සමාජීය ප‍්‍රභාවත්ය.
මෙවන් යහපත් දේ සිදුවූ සමාජයේ බොහෝ විට සිදු වූයේ යහපත් දේමය. ගමේ හාමුදුරුවෝ දේශපාලනයේ අතකොලූ නොවී ධර්මයේ හැසුරුණහ. ගමේ වෙදමහත්තයා ජීවක පරපුරට ඇති සිය නෑගම මනාව ඔප්පු කළේය. ගුරුවරයා තමන්ට දිසාපාමොක් පරපුරට ඇති නෑගම මැනවින් පෙන්නුම් කළේය. ගමේ දේශපාලකයා වන ගමේ මැම්බර් ගමේ හද ගැස්ම වෙනුවෙන් කි‍්‍රයා කළ යහපත් මනුස්සයෙක් විය. අද ගමේ පාරෙනුත්, දුප්පතුන්ට සහනාධාර ටිකෙනුත් ගසාකල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රට වඩා ඔහු කාරුණික මිනිසෙකු විය.
ඊට සමාන්තරව ජාතික තලයේද මනුස්සකම රැුජයූ දේශපාලනයක්, ජනමාධ්‍ය සම්ප‍්‍රදායක්, වෘත්තිය ජීවිතයක් සමාජ ජීවිතයක් තිබිණි.
යාපනයේ දුම්කොළයට බුලත් හෙප්පුවේ ප‍්‍රමුඛ තැනක් ලැබිණ. යාපනයේ රතුලූණු හා මිරිසුත් සිංහල කිරි බතට ලූණු මිරිස සකස් කෙරිණ. මාල වලලූ අරුමෝසම් බඩු රැුගෙන ගෙයින් ගෙට ගිය මුස්ලිම් මනිබඩු කාරයා ගැමි යුවතියන්ගේ අතට කරට මාල වළලූ සැපයීය.
සිංහලයාද දෙමළාද මුස්ලිමානුවාද අත්මත ඉවසන ගරු කරන ජාතීන් වූහ. සිංහල අවුරුද්ද සිංහලයාද දෙමළාද එකසේ සැමරූහ.
එහෙත් අද? තත්ත්වය කෙතරම් වෙනස් වී ඇද්ද? අල ලූනු මිරිස්වලට හොඳ මිලක්, තමන්ගේ ජාතියේ භාෂාවෙන් ගනුදෙනු කළ හැකි ක‍්‍රමයක් වැනි අහිංසක දේ ඉල්ලූ මිනිස්සු වෙනම රාජ්‍යයක් උදෙසා සටන් කරති. ඒත් නිකම්ම පොසු මුගුරු කඩු කිනිසිවලින් නොව ගුවන් යානා රොකට් වෙඩි පාවිච්චි කරමිනි.
1971 දී හාරදහස් පන්සිය ගණනක් වූ හමුදාවේ භට සංඛ්‍යාව 1971 කැරැුල්ල නිසා දහහත් දහස දක්වා ඉහළ ගිය බව සංඛ්‍යාලේඛන කියා සිටී. මේ ජාතික නොහොඳ නෝක්කාඩුව නිසා මිය ගිය සොල්දාදුවන්ග් ගණන 50 දහස ඉක්මවයි. දෙමළ ජාතියේ යුද්ධය නිසා මියගිය හා රට හැර ගිය අය නිසා ඇතිවී ඇති ජන හිඟය පසුගිය ජන හා සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා සිටී. මේ ව්‍යසනය තුළ සිංහල අවුරුද්දේ අතීත ගැඹුර අපේක්‍ෂා කිරීමට විහිලූවට කාරණයකි. ” යුද්ධය හා ත‍්‍රස්තවාදය විසින් විනාශ කරන්නේ සතුරා හා ත‍්‍රස්තවාදියා පමණක් නොව රැුකගත් අහිංසක සාරධර්මද විනාශ කරයි.”
බිහිසුනු යුද ගැටුම් පසු කරමින් ඉතිහාසයේ අපි ගමන් කොට ඇත්තෙමු. එහෙත් කලක් ඇවෑමෙන් ඒ අතීත සමාජයත් යතාතත්වයට පත්විය. යුද්ධය නිසා වූ විනාශය මැනවින් තක්සේරු කළ හැකි ඥානාන්විත දේශපාලනයක් සමාජ සිතීමක් ශී‍්‍ර ලංකාවට ලැබේනම් අපෙ සමාජයටද යථා තත්ත්වයට පතවිය හැකිය. එහෙත් එය එසේ නොවේ නම් එකිනෙකා මරා ගන්නා රුවන්බාහු කරණයකට අප පත්විය හැකිය.
ලෝකයේ සතුටින් සිටින මිනිසුන් වර්ගී කරණයකදී වඩාත් සත්තුෂ්ටිදායක මිනිසුන් ජීවත්වන රට ලෙස අංක එකට ආයේ ඩෙන්මාර්කයයි. දියුණු ලෝකයේ දියුණුම රටක් වන ඩෙන්මාර්කය ඒ තත්ත්වයට පත්වීම තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. පුදුම වි යුත්තේ වඩාත් සතුටින්ම සිටින ජාතින අතර දෙවන තැනට පත්වුයේ දකුණු ආසියාවේ දුප්පත් රටක් වන භූතානයයි.
ආයු අපේක්‍ෂා කාලය අවුරුදු 51 වන ළදරු මරණ අනුපාතිකය ඉතා ඉහළ, ඒක පුද්ගල ආදායම බොහෝ පහළ රටක්වන භූතානය ලොව වැඩියෙන්ම සතුටින් සිටින ජාතීන් අතර දෙවනියා වූයේ කෙසේද යන්න ගැන අන්තර්ජාලයේ විශ්ලේෂනත්මක විග‍්‍රහයක් පළවිය. බෞද්ධ වත් පිළිවෙත් මත පදනම්වූ සම්ප‍්‍රදායික අල්පේච්ඡු ජීවිතයක් ගත කරන භූතාන වැසියෝ සතුටින් සිටීමට හේතුව විය හැකියයි එම ලිපියේ සඳහන් විය. ඒ විග‍්‍රහය සත්‍ය බව මගේද හැඟීමයි. අනෙකා කෙරේ වන ක්‍රෝධය සමනය කරන සිංහල අවුරුද්ද වැනි උත්සව ගණනාවක් නඩත්තු කළ අපද භූතාන වැසියන් මෙන් සතුටු සිතින් ජීවත්වූ කාලයක් ගැන අපේ වැඩිහිටියෝ අපට කියා දී තිබේ.
එහෙත් අද දේශපාලනයේ ඇති දුඟද හමන තරඟය මෙන් සියලූ සමාජයම නිරර්තක තරඟයකට වැටී සිටී. කොටින්ම පාලසකට ඇතුලූ වීමට අවුරුදු පහේ කිරි සප්පයාද තරඟ කළ යුතුය. අවසානයේ ඒ තරඟය ජාතීන් ජාතීන් අතර ආගම් ආගම් අතර තරඟයක් බවට පත්ව තිබේ.
බුදුන් වහන්සේ, උන්වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය අපට ඉගැන්වූයේ තරඟයේ විපාක හා සාමදානයේ හා සහජීවනයේ ගුණාත්වය.
රටේ දේශපාලනයේ පාර්ලිමෙන්තුවේ වගකීම් නොව තමන්ගේ හතරපේරුවේ දායකයන්ගේ යහපත ගැන තකන භික්‍ෂුවක්, ව්‍යාපාරික කටයුතුවල දේශපාලනයේ යෙදීමට පාසල අතරමැදි තැනක් නොකරගත් දරුවන්ගේ නැණ නුවන වැඞීමම අරමුණු කරගත් ගුරුවරයෙක්, වෘත්තීය සාර්ධර්ම මත පදනම්වූ වෘත්තිකයෙක් බිහිවේ නම් ශී‍්‍ර ලංකාව මේ ව්‍යසනයේන මිදෙනු ඇත.
සිංහල අවුරුද්දේ යහපත් සමාජ සාමුහිකත්වය වෙත අපට ආපසු යා නොහැකි නම් නූතන සමාජ ප‍්‍රවණතාවයන් විසින් සකස් කරන ලද සාරධර්ම වෙත හෝ අප යා යුතුය. නැතහොත් අපගේ ජාතික ඉතිහාසය ගොඩනංවා දුන් යශෝරාවයේ අස්වනු දැවී පිළිස්සී යනු නිසැකය.
සංස්කාරක