ප්‍රේමානිශංස – Chulananda Samaranayake

ධනවතුන් සහ කුලවතුන් සේ අභිමානයෙන් පසුවන අයගේ පෙට්ටගම් තුළ ඇට සැකිලි බොහෝ තිබෙනා බව පරසිදු කරුණකි. ලාංකීය ඉතිහාසය පුරාද යටත්විජිත සමයේ අවසාන භාගායේ මෙන්ම පශ්චාත් යටත්විජිත සමයෙහිද මේ සත්යනය බෙහෙවින් පැහැදිලිව දිස්වෙයි. 1911 වසරේ දෙසැම්බර් මස උගත් ලාංකික නියෝජිතයා තේරීම පිණිස වූ ඡන්ද විමසීමේදී ගොවිගම කුලයේ අය ඡන්දය දුන්නෝ මුතු කුමාරස්වාමිගේ ඥාතිවර පොන්නම්බලම් රාමනාදන් හටය. ඒ දකුණ නියෝජනය කළ කරාව කුලයේ මාර්කස් ප්රගනාන්දුට එරෙහිවය. මේ අවස්ථාව උතුරේ මෙන්ම දකුණේද දේශපාලනයේ මෙන්ම සමාජ ස්ථරායනයේද ඇති අවපැහැය මනාව නිරූපණය කරන්නකි. උතුරින් කුමාරස්වාමිලා උගත් බුද්ධිමත් පංතියක් ලෙස නැග එද්දී දකුණේ කරාවේ පිරිස් රේන්ද ව්යා පාරය ඇතුළු ව්යාමපර හරහා ධනහිමි පංතිය බවට පත්වීමට ශූර අරගලයක් දියත් කළේය. අපේ ඉතිහාසය පුරාම අපට උතුර මෙන්ම දකුණද හරහා දක්නට ලැබෙන පොදු සිත්තම යනු කුලවාදය සහ බලය අතරින් පිලිකුල් සහගත දසුනක් නිරූපණය කරන්නක් බව පැහැදිලිය. අප වඩාත් විචාරශීලීව බලන්නේ නම් ලිබරල් ධනවාදය කිරුළු පැළඳ සිටිනා සේ පෙනෙන වර්තමානයද කෙසේවත් ඊට නොදෙවෙනි ය.
චන්ද්රනරත්න බණ්ඩාර සිය නවතම කෘතිය වන ප්රේනමානිශංස නවකතාවට මූලික පදනම දමනුයේ මේ කුමාරි ජයවර්ධන විසින් අගනා කෘතියක් මගින් ඉදිරිපත් කරන ලද සොක්කන් ලොක්කන් වීම මතය. එහෙයින් එය එක්වරම සමාජ දේශපාලන විචාරයක් සහිත නිර්මාණයකැයි පෙනී යයි. සැබැවින්ම ඔහු සිය කෘතිය තුළ සැලකිය යුතු ඉඩක් කුමාරස්වාමිලාගේ සහ විලමුලගේ පරම්පරාවේ ඉතිහාසය විවරණය කිරීමට වැය කරයි. ඒ නිසාවෙන් එය එක්තරා ආකරයක ලාංකීය ඉතිහාසයේ පංති සැකැස්මෙහි ස්වභාවය, එහි ගැබ්වූ අනේකවිධ කුහකකම් ජඩකම් කපටිකම් මෙන්ම අමනකම් පිලිබඳවද නිරූපණයක් වෙයි. එහෙත් ඔහුගේ නවකතාව වඩාත් විචිත්ර්වත් වෙනුයේ එහි ඉහත කියන ලද සමාජ සැකැස්මේ පදනම මත ඇදී යන පෙම් පුවත නිසාවෙනි. ඒ පෙම් පුවත යනු එක් අතකින් තමන්ගේ කිසිම වගකීමක් නැති ඉතිහාසයක වර්තමාන ගොදුරු බවට පත් සහ ඉන් ගැලවීමටද ඒ හා සමගම එහි බැඳීමටද තැත් දැරීමට පෙළඹෙන මානසිකත්වයකින් යුත් තරුණ යුවලකගේ දිවි සැරියෙහි කතන්දරය බවටද පත්වෙයි. පුරා පිටු 420 දක්වා ඇදී යන් මේ දිගු නවකතාව ඉතිහාසය හරහා වන සැරියක් මෙන්ම පෙම් සැරියක් බවටද එක්වරම පත්වෙයි.
විලමුලගේ පරපුරේ වර්තමාන උරුමකරු වන සයුරු නම් අපරිණත, අත්දැකීම් අඩු තරුණයා හට ජීවිතයේ මිහිරියාව මෙන්ම පරිණතබවට මගද කියා දෙන්නී කුමාරස්වාමි පරපුරේ වර්තමාන උරුමකාරිය වන නිරූ නම් අත්දැකීම් සහ ජීවිතාවබෝධයෙන් වැඩි තරුණිය ය. මේ දෙදෙන අතර වන පෙම මතින් කතුවරයා ගොතන ප්රැබන්ධය පුරාවිද්යාරව දේශපාලනය, කුල සහ බල සම්බන්ධතා, අගාමික අන්තවාදය, වර්ගවාදය යන සියල්ල අතරින් ගලා යයි. එහෙත් ඒ සියල්ල පරයා ඉස්මතු වන පෙම මෙහිලා කදිමට සමස්ත කතාව සමගම බැඳී පවතී. කතුවරයා මේ කතාවෙහි ගොඩ නගනා ප්රමතිවිරෝධයන්ගෙන් මනුෂ්යක සබඳකම් මගින් කතාවට ගෙනෙනා ආලෝකය විශාලය. ඒ අතරම ඒ සියල්ල අතරින් එතරම් විස්තරාත්මකව ඉදිරිපත් නොවුනද අතිශය සංවේදී සබඳතාව වනුයේ සයුරු සහ ඔහුගේ මව එකිනෙකා වටහා ගන්නා වඩා නිවැරදිව කියන්නේ නම් සයුරු සිය මව සොයා ගන්නා කතන්දරයමය. ප්රාාග්ධන හිමියන් බවට පත් පරපුරක රහස් රැකගෙන වැලලී යාමට නියමිත කීකරු කතක, පතිනියකගේ භූමිකාවේ සිට තම ජීවිතයෙහි එකම අරුත වන පුතුගේ ආරක්ෂාව සහ අනාගතය උදෙසා ඇය සියළු බැමි බිඳ නැගෙනා අවස්ථාව සැබැවින්ම මේ නවකතාවෙහි අගනාම ගොඩනැංවීමකි. ඒ කියවන විට සිතෙනුයේ කතුවරයා මේ කලාපයට මීට වඩා අවධානයක් යොමු කළ යුතුව තිබූ බවකි.
සයුරුගේ පලා යාම හමුවේ විලමුලගේ පත්වන තත්වය තුළින් මනුෂ්යර ජීවිතයේ අසරණකම මෙන්ම හිස් බවද නිරූපණය කරනා කතුවරයා ඒ අතරම නිරූ හඹා යන සයුරුගේ චාරිකාව තුළින් ජීවිතයෙහි සීමාවන් පුළුල් කරගන්නා තරුණයකුගේ පරිවර්තනය ඉදිරිපත් කරයි. දුප්පත් පොහොසත් පෙම් සබඳතා ගැන නිමවෙන පැතලි නවකතාවන් ඉක්මවා මෙහිදී කතුවරයා මතු කරන ජීවිතයේ සංකීර්ණත්වයන් නවකතාව වඩා උසස් තලයකට ගෙන එයි.
කෙසේ වෙතත් මෙහි සයුරුගේ මවගේ කැරැල්ල නිරූපණය වන කොටස මීට වඩා වෙනස් නිර්මාණාත්මක ආකාරයකට, එක්වරම වන ඉදිරිපත් කිරීමකට වඩා කතාව තුළින්ම විකාශනය වන්නට ඉඩ හැරියේ නම් මැනවැයි මට සිතේ. එලෙසින්ම ඇතැම් පරිච්ඡේද ඉතා කෙටි වීම මගින්ද මට හඟවන ලද්දේ කිසියම් හදිසියක ලකුණුය. කියවාගෙන යන විට ඇතැම් අවස්ථාවන්හිදී මේ ඉදිරිපත් කිරීම මීට වඩා සංක්ෂිප්තවූවා නම් මැනවැයි සිතුණද සිය ආකෘතිය පිළිබඳ නිදහස කතුවරයාට පවරා දෙමින් මම ඒ ඉවසා සිටිමි.
මෙරු නවකතාව හරහා සිය අනන්යතාව සළකුණු කළ චන්ද්රරත්න බණ්ඩාර සිය ප්රේමානිශංස නවකතාව හරහා යළි අප වෙත ප්රේමයේ බෙහෙවින් සංවේදී කියවීමක් කැටුව එයි. මනුෂ්යත දිවියෙහි අතිශය චමත්කාරජනක වන්නාවූද, විටෙක අතිශය ඛේදජනක වන්නාවූද, වැඩියෙන්ම කතාබහට ලක්වන්නාවූද ප්රේමය විෂය කරගනිමින් ඉතිහාසයේ පදනම් මත රචිත මේ නවකතාව පොදු ප්ර වාහනයේ ගැහැට මැද අසීරුතා විඳිමින් වුව අත නොහැර මෑතදී කියවූ කියවූ කෘති අතර අමතක නොවන්නක් බව අවසනට සඳහන් කළ යුතුය.

Source : https://www.facebook.com/chulananda.samaranayake/posts/10216725580371297